ඒ සී ජී එස් අමරසේකර (1883 – 1983)
ක්‍රි ව 1883 දී උපත ලද මුදළිඳු ඒ සී ජී එස් අමරසේකර මහතා, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව නගා සිටුවීමට විශාල මෙහෙයක් ඉටු කලේය. මොහු දියසායම් පැස්ටල් තෙල් සායම් ආදී විවිධ මාධ්‍යයන් උපයෝගී කොටගෙන චිත්‍ර නිර්මාණය කළ අතර, දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි.
ස්වභාව ධර්මය එක එල්ලේම නිරීක්ෂණය කිරීමත් විනිවිද පෙනෙන දියසායම් කෘතහස්ත අයුරින් භාවිතා කිරීමත් ඔහුගේ මුල් කාලීන කෘතිවල විශේෂ ලක්ෂණයකි. එවායේ ස්වභාවික සිත්ගන්නා සුලු බවක් තිබුනත් භාවනානුයෝගී ගතිය අඩුය. අමරසේකර මහතා ප්‍රදර්ශන සිතුවම් ඇදීම ප්‍රිය කල අතර මොහුගේ අවධානය වඩාත් යොමු වූයේ උඩුකය නිර්මාණය කෙරෙහිය.
දේශපාලනඥයන් විනිසුරුවන් මෙන්ම විවිධ පුද්ගලයන්ගේ උඩුකය සිතුවම් විශාල සංඛ්‍යාවක් මෙම ශිල්පියා විසින් නිර්මාණය කළ අතර, එම කෘතීන් වර්තමානයේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඇති කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත. මිනිස් රූ චිත්‍ර අඳින්නෙකු වශයෙන් අමරසේකර බෙහෙවින්ම ජනප්‍රිය වූයේ ඔහු තුළ තිබූ සුවිශේෂී හැකියාව නිසාය.
ඔහු විසින් චිත්‍රයට නගන ලද ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලයන් බොහොමයකි. මහත්මා ගාන්ධි,රවීන්ද්‍රනාත් තාගෝර්,ජවහල්ලාල් නේරු,අනගාරික ධර්මපාල,ඩී.එස්.සේනානායක,එස්.ඩ්බ්ලිව්,ආර්.ඩී.බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල,ආචාර්ය ඩබ්ලිව්.දහනායක,සර්.ඔලිවර් ගුණතිලක,ජේ.ආර්.ජයවර්ධන,ඩී.ආර්.විජයවර්ධන එසේ සිත්තමට නගන ලද සුපසන් චරිත අතර වූහ.
Paul Adrien Maurice Dirac (1902–1984)
මොහු විසින් අඳින ලද ප්‍රතිමූර්ති සිතුවම් සංඛ්‍යාව අති විශාල වුවත් ඔහුගේ කෘති වලින් වැඩිහරියක් උසස් ගණයට නොවැටේ. චිත්‍ර කලාව පිළිබඳ වූ මූලධර්මයන් නොපිරිහෙලා ඔහු අනුගමනය කළ නිසා ඔහුගේ කෘතීන් දුර්වල වූ ස්වභාවිකත්වයකට පිරිහී ගිය බව පැවසේ.
Sir Harold Jeffreys (1891–1989)
මොහුගේ විශිෂ්ටතම නිර්මාණ අතර “යකැදුරු දියණිය” සිතුවම ප්‍රධාන වේ. 1936දී අඳින ලද මෙම සිතුවම තෙල්සායමින් වර්ණ ගන්වා ඇත. මෙය පළමු වරට ප්‍රදර්ශනය වූයේ 1936 වසරේ ලන්ඩනයේ “රෝයල් එම්පයර් සොසයිටි”(Royal Empire Socity) හිදීය. පසුව 1940-1942 අතර කාලයේ රාජකීය ඇකඩමියේද(Royal Academy) ප්‍රදර්ශනය විය. ගුප්ත විශ්වාසයන් පදනම් කර ගත් සිද්ධියක් වූ මෙහි සංරචනය වර්ණ සංයෝජනය හා ප්‍රකාශනයේ තීව්‍රතාවය ඉතා ඉහළ මට්ට්මක පවතී.
Devil Dancer’s Daughter
සියුම් වර්ණාලේපයත් වර්ණ ප්‍රභේද භාවිතයත් ආලෝකය හා අඳුර දැක්වීමත් චිත්‍රයේ කැපී පෙනේ. සියුම් ලෙස වර්ණ යෙදීමෙන් ගති ලක්ෂණ මතු කිරීමේ ශිල්පීය කුසලතාවය මැනවින් පැහැදිළි වේ. මෙයද ඔහුගේ අනෙකුත් කලාකෘතීන් මෙන්ම අතිශය තාත්විකය.
Wood cutters 1922
මුදළිඳු ඒ.සී.ජී.එස්.අමරසේකර මහතාගේ තවත් විශේෂිත සිතුවමක් ලෙස සැළකෙන්නේ “වඩුගෙදර” නම් කලා කෘතියයි. ප්‍රමාණයෙන් විශාල තෙල්සායම් චිත්‍රයක් වන මෙය දැනට කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත. දරිද්‍රතාවයෙන් පිරීගිය පවුලේ සාමාජිකයන්ගේ දුක්ඛිත බවත්, අඹුසැමියන් දෙදෙනා විසඳිය නොහැකි ගැටලුවකට මුහුණ දී ඇති බවත්, නිරූපිතය භාවිතා කර ඇති ඇඳුම් පැළඳුම් හා වඩු උපකරණ යනාදිය දෙස බලන විට, ඔහු මුහුදුබඩ ප්‍රදේශයක වඩු ජීවිතය පිළිබඳ ලබා තිබූ මනා පරිචය පිලිබඳව පැහැදිළි ය.
Carpenter’s Home
පැස්ටල් මෙන්ම දියසායම් හා තෙල් සායම් මාධ්‍යය තුළින් භූමි ද්ර්ශන තාත්වික අයුරින් දැක්වීමට අමරසේකර දක්වා ඇත්තේ අපූර්ව දක්ෂතාවයකි.එයට සාක්ෂි දරන ප්‍රධානතම සිතුවමක් ලෙස “රොස්මිඩ් ප්ලේස්” නම් සිතුවම විශේෂයෙන් සඳහන් කළ යුතුය.එහි උසට වැඩී ගිය ගහකොළ යන එන්නවුනට පාර දෙපැත්තේ සෙවණ දෙන අයුරු අපූර්වාකාරයකින් දැක්වීමට ශිල්පියා සමත්වී ඇත.දුඹුරු,කොළ යනාදී වර්ණ බහුලව යොදා ඇති මෙය තෙල් සායමින් නිම කර ඇත.
ඔහුගේ අනෙකුත් කලාකෘතීන්
01 කුණාටුව – සැඩ සුළඟකට හසුවී වැනෙන පොල් ගස් ප්‍රධාන කොට ගත් භූමි දර්ශනයක් මෙයින් දැක්වේ තඹ තහඩු මත චිත්‍ර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ අමරසේකර විසිනි
02 බුලර්ස් පාර්ක් -දියසයම් චිත්‍රයකි
03 ස්නානය කරන්නෝ – 1925 දිය සායම් චිත්‍රයකි ලන්ඩන්හි හ පැරිස් හි ප්‍රදර්ශනය කරන ලදි
04 සිද්ධස්ථානය වෙත පඩිපෙළ – 1932 දිය සායම් චිත්‍රයකි මහනුවර දළද මාළිගාව මෙයින් දැක්වේ ලන්ඩන්හිදී ප්‍රදර්ශනය කරන ලදි
05 විරැකියාව (රක්ෂා නැති අය)– 1932 කැන්වස් මත තෙල් සායම්
(අමරසේකර පවසන අන්දමට මෙම සිතුවම අඳින ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සටන්කාමී කම්කරු නායකයා වූ ඒ ඊ ගුණසිංහ මහතාගේ යෝජනාවක් මතය කම්කරු වැඩ වර්ජනයක් හේතු කොට ගෙන වැඩ වර්ජකයෙකුගේ පවුලකට ඇති වූ දුක් පීඩා මෙයින් දැක්වේ)
06 කොළඹ මාවතක් – දියසායම් සිතුවමකි රාජකීය ඇකඩමියෙහි සහ පැරිස් හි ප්‍රදර්ශනය කරන ලදි
07 පූස් පැටවා – 1903 දියසායම් චිත්‍රයකි ලංකා කලා සංගමය මගින් පැවැත්වූ චිත්‍ර තරඟයට ඉදිරිපත් කළ මෙම සිතුවමට ප්‍රථම ස්ථානය ලැබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික කලා පාසල පිහිටුවන ලද්දේ අමරසේකර විසිනි.එහි අරමුණ වූයේ බටහිර ශෛලියේ චිත්‍ර ශිල්පය ඉගැන්වීමයි. ඔහුගේ සම්භාවනීය ශිෂ්‍යයන් අතර ජස්ටින් දැරණියගල හ හැරී පීරිස් වූහ. මිනිස් රූ චිත්‍ර අඳින්නෙකු වශයෙන් අමරසේකර ජනප්‍රිය විය. ඔහු විසින් චිත්‍රයට නගන ලද ලංකවේ ප්‍රමුඛතම පුද්ගලයන් බොහොමයකි. මහත්මා ගාන්ධි,රවීන්ද්‍රනාත් තාගෝර්,ජවහල්ලාල් නේරු,අනගාරික ධර්මපාල,ඩී.එස්.සේනානායක,එස්.ඩ්බ්ලිව්,ආර්.ඩී.බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල,ආචාර්ය ඩබ්ලිව්.දහනායක,සර්.ඔලිවර් ගුණතිලක,ජේ.ආර්.ජයවර්ධන,ඩී.ආර්.විජයවර්ධන එසේ සිත්තමට නගන ලද සුපසන් චරිත අතර වූහ.
මැජික් ශිල්පයටද මොහු දස්කම් දක්වා ඇත. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර මැජික් කරුවන්ගේ සංගමය අමරසේකරයන්ගේ දක්ෂතා අගයමින් එතුමාට උපහාර පිණිස ගෞරව සම්මානයක්ද පිරිනැමීය. “සිලෝන් මැජික් සර්කල්” නම් ලංකා මැජික් කවය ඇරඹීමට පුරෝගාමී වූයේද මොහුය. කලාභවනේ සැලැස්මද ඉදිරිපත් කර ඇත්තේ මොහු විසිනි. එය අදියර කීපයක් ඔස්සේ ඉදි කර දීමට මෙතුමාගෙන් ලැබුණේ පුළුල් දායකත්වයකි. විදේශීය චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍ර ඉදිරිපත් කළ මුල්ම දේශීය චිත්‍ර ශිල්පියාද මොහුය.
අමරසේකරයන්ගේ සියවැනි ජන්මදිනය යෙදී තිබූ1983 වසරේදී තවත් එක් සුවිශේෂී සිදුවීමක් සිදු විය.එනම් එතුමන් විසින් පෙන්වනු ලැබූ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස කොළඹ හැව්ලොක් ටවුමේ ඩෝසන් පාර “අමරසේකර මාවත” ලෙස නම් කරනු ලැබීමයි.
වසර සියයක් ආයු වළඳා මේ අසහාය කලාකරුවා 1983 මාර්තු මස 29 වන දින මෙලොව හැර ගියේ ඔහු පිළිබඳ සියලු මතකයන් අප හදට නංවන අග්‍රගණ්‍ය සිතුවම් රැසක් තවත් සියවස් ගණනාවකට ඉතිරි කරමිනි.